Pasidol
Sathosa Ad Final Sinhala
Nov 20, 2017

ලංවිම ලබන වසරේද පාඩු ලබන බව හෙළිවෙලා ! Featured

ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේදී 2017 ද පාඩු ලබා තිබෙන අතරේ ඉදිරි වසරේදී ද එය විශාල මූල්‍යමය අලාභයක් ලැබීමට නියමිත බව එහි අය-වැය ලේඛනය මගින් පෙන්වාදී තිබේ.

එම වාර්තාව අනුව 2017 වසරේ විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් මිලියන 35,141කි.

එය ලබනවසරේදී (2018) ආර්ථික පුරෝකතනය අනුව ලබන පාඩුව රුපියල් මිලියන 16,507කි.

එහෙත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2017 වසරේ බදු ගෙවීමට පෙර රුපියල් මිලියන 14404ක ශුද්ධ ලාභයක් ලබන බවත් 2018 වසරේ රුපියල් මිලියන 2796ක ශුද්ධ ලාභයක් ලබන බවත් අය-වැය වාර්තාවල සඳහන්ය.

කෙසේවුවද, 2017 වසරේ මෙන්ම 2018 වසරේ ද ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන බැරලයක මිල ඩොලර් 48.6ක මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් කියයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top