Pasidol
Sathosa Ad Final Sinhala
Nov 21, 2017

ඉන්දීය බෙහෙත් උතුරු වෙරළට ගොඩගසයි

පසුගියදා යාපනයේ තොණ්‌ඩමානාරු ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට වෙරළට ගොඩගසමින් තිබුණු ඉන්දීය බෙහෙත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්‌ හමු වී ඇත.

පසුව ඔවුන් ඒ පිළිබඳව පළාතේ ධීවර අධ්‍යක්‍ෂවරයා දැනුවත් කොට තිබේ.

යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාල නියෝජ්‍ය අධ්‍යක්‍ෂ එස්‌. ශිවකරන් මහතා කියා සිටියේ කිසියම් හේතුවක්‌ මත ඉන්දීය ධීවරයින් පිරිසක්‌ විසින් රැගෙන එන ලද මෙම බෙහෙත් ද්‍රව්‍ය තොගය ඔවුන් විසින් මුහුදට දමන්නට ඇති බවයි.

එම බෙහෙත් අඩංගු පාර්සල්වල ඉන්දියානු ලිපිනයන් කිහිපයක් සඳහන්ව ඇත.

මේ අතර යාපනය තොණ්‌ඩමන්ආරු, අක්‌කරෙයි, වලලායි සාගර සීමාවේ සෞඛ්‍ය අංශ භාවිතා කොට ඉවත් කළ වීදුරු බෝතල්, බෙහෙත් විදින කටු ඇතුළු අපද්‍රව්‍ය තොගයක්‌ද පාවෙමින් තිබියදී ධීවරයින්ට හමු වී ඇත.

ඉන්දියාවේ අපද්‍රව්‍ය සාගරයට දමා ඇති අතර, අදාළ අපද්‍රව්‍ය මෙරට සාගර කලාපයට පාවී පැමිණ ඇති බව යාපනය ධීවර ජනතාව පවසති.

යාපනය ධීවර අධ්‍යක්‍ෂවරයා මේ පිළිබඳව යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දියානු මහකොමසාරිස්‌ කාර්යාලය වෙත තොරතුරු දැනුම් දී ඇත.

දිනසේන රතුගමගේ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top