Nov 28, 2016

'නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම වැදගත්' -මල්වතු නාහිමි Featured

දේශපාලනික වශයෙන් පැවැත්මක් නොමැති පිරිසක් වත්මන් ආණ්ඩුවේ ගමනට බාධා කරමින් සිටින බවත් ඒ පිළිබඳව සැලකිලිමත් නොවී නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ක්‍රියා කිරීම වැදගත් බවත් මල්වතු පාර්ශවයේ මහනායක හිමියෝ පවසති.

ප්‍රධාන පක්ෂ දෙකින් සැදුම්ලත් ජාතික ආණ්ඩුව යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත නොවුනහොත් යළිත් ඒ සඳහා වෙනත් අවස්ථාවක් නොලැබෙන බවද මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මැතිඇමතිවරුන් පිරිසක් ඊයේ (නොවැ.27) මහනාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ප්‍රවාහන අමාත්‍යය නිමල් සිරිපාලද සිල්වා, මහලේකම් දුමින්ද දිසානායක, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් මල්වතු මහ විහාරයට පැමිණ සිටියහ.


ජනපති ධූරය ඉවත් කිරීමට පෙර:


නව ව්‍යවස්ථාව සකස් කිරීමේදී බෞද්ධාගමට මෙතෙක් ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති ප්‍රමුඛතාව ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරමින් රටේ ඒකීය භාවය තහවුරු කරන බවත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා කටයුතු කරන බවත් මෙම පිරිස මනනාහිමියන් ඉදිරියේ පැවසුහ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ විධායක ජනපති ධූරය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පෙර අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයක් තිබෙන බවය.

(බිබිසි සංදේශය)

3 27 11 2016 maligawa

6 27 11 2016 malwaththu

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top