Sathosa

Nov 28, 2017

'ඒකාබද්ධය සමග සාකච්ඡාවලට ජනපතිගේ මැදිහත්වීමක් නැහැ' - අගමැති Featured

ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා පැවැත්වෙන්නේ ශ්‍රීලනිපයේ තීරණයක් අනුව යයි ජනාධිපතිවරයා තමන්ට පැවසූ බව අගමැතිවරයා ඊයේ (27) පැවති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සඳහන් කළේ යයි බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ එජාප අමාත්‍යවරයෙක් පැවසීය.

ජනාධිපතිවරයා හා තමා අතර පැවති සාකච්ඡාවක ප්‍රගතිය ගැන එම රැස්වීමේදී කරුණු පැහැදිලි කරමින් අගමැතිවරයා මන්ත්‍රීවරුන්ට එබව සඳහන් කර තිබේ.

පක්ෂ දෙකේ සම්මුතියට බාධා වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙසත් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට පෙර පක්ෂය නායකත්වයෙන් අවසර ගන්නා ලෙසත් එම රැස්වීමේදී අගමැතිවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

බාධාවක් කරගත යුතු නැහැ:

එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ජනාධිපතිවරයා විවේචනය කරමින් පාර්ලිමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව පක්ෂයේ අනුදැනුමෙන් තොරව සිදුවූවක් යයි ප්‍රකාශ කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ඉදිරි මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනිපය එක්ව තරග කළත් නොකළත් එය එජාපයට බාධාවක් කර ගත යුතු නැති ද සඳහන් කර තිබේ.

මේ අතර මැතිවරණයට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය සමග සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව සිවිල් සංවිධාන හමුවේ පිළිගෙන තිබූ ජනාධිපතිවරයා, එය එජාපය සමග තිබෙන ජාතික ආණ්ඩුවට ගැටලුවක් නොවනු ඇතැයි ප්‍රකාශ කළ බව ද එම සාකච්ජාවට සහභාගී වූ ගාමිණී වියන්ගොඩ මහතා සඳහන් කළේය.

මතු වී තිබුණු අර්බුදය පිළිබඳව ආණ්ඩුවට සහාය දක්වන සිවිල් සංවිධාන නායකයන් ඉරිදා ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කරගෙන තිබේ.

"වෙන්වීම පහසුවන අතර, එක්වීම අපහසු," බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබිණ.

සබැඳි පුවත් :
අගමැතිගේ විශේෂ පණිවිඩයක් රැගෙන මංගල ජනපති හමුවේ !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top