Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Nov 28, 2016

කෑම හදන හැටිත් පාරිභෝගිකයන්ට පෙන්වන්න Featured

අද දිනයෙන්  ඇරඹෙන ආහාර සුරක්ෂිත සතියේ දී සියලුම ආපනශාලාවල මුළුතැන්ගේ පරීක්ෂා කිරීමට පාරිභෝගිකයාට අවස්ථාව ලබා දෙන ලෙස, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සියලුම ආපනශාලා හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.

සුරක්ෂිත ආහාර ලබාගැනීමට පාරිභෝගිකයාට අයිතියක් ඇති අතරම විශේෂයෙන්ම තමන් මිලදී ගන්නා ආහාර සකසන ආකාරය නිරීක්ෂණය කිරීමට පාරිභෝගිකයාට ඉඩ දිය යුතු යැයි එම සංගමය පෙන්වා දෙයි.

එබැවින් එම ආහාර පාන සකසන ස්ථාන පරීක්ෂා කිරීමට පාරිභෝගිකයාට අවස්ථාව හිමිවිය යුතු බවත්, අපිරිසිදු ලෙස ආහාර සකසන ආපනශාලාවලට තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත්, එම සංගමය අවධාරණය කරයි.

ටැබ් සහ රක්ෂණය වෙනුවට ආපනශාලා හදන්න

මෙවර අයවැයෙන් පාසල් ළමයින්ට ටැබ් සහ රක්ෂණාවරණ ලබාදෙනවා වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ පාසල් ආපනශාලා නවීකරණය කිරීම බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අසේල සම්පත් මහතා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top