Sathosa

Dec 03, 2017

'ඕන දේකට සුදානම්' - බැසිල් අභියෝගය බාරගනී ! Featured

බාහිර හෝ අභ්‍යන්තර හෝ ඕනෑම ආකාරයක අභියෝගයකට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

ඔහු මේ බව සඳහන් කළේ දෙහිවල ප්‍රදේශයේ ඊයේ (02) පැවති ජන හමුවකට එක්වෙමිනි.

ආණ්ඩු විරෝධී එකම දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බවට පත්ව ඇති බව ද ඔහු එහිදී කියා සිටියේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තම පක්ෂය සෑම දිස්ත්‍රික්කයකම තරඟ කිරීමට සූදානමින් සිටින බවද ඔහු එහිදී පැවසිය.

විමල්ගේ පක්ෂය 'ගේමක්' ඉල්ලයි !

කෙසේවුවද බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මේවනවිට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පාර්ශව වලින් බලවත් විරෝධයක් එල්ලවී ඇත. විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් එළිපිටම ඔහුට එරෙහිව විරෝධය පළකරමින් සිටිති.

තම පක්ෂයේ ඉල්ලීම සලකා නොබලුවහොත් ඉදිරිදින කිහිපය තුලදී දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බව විමල් විරවංශ මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ අපේක්‍ෂකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය මුල්කර ගනිමින් ජාතික නිදහස් පෙරමුණ හා බැසිල් රාජපක්ෂ මහතා අතර මතගැටුමක් හටගෙන තිබීම ඊට හේතුවයි.

සෑම කොට්ඨාසයක් සඳහාම ඒකාබද්ධ විපක්‍ෂයේ අපේක්‍ෂකයින්ගෙන් සියයට 10 ක් තමන්ට ලබාදෙන ලෙසට විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා ඇතත්, බැසිල් රාජපක්ෂ මහතා ඊට අකමැත්ත පළ කර තිබේ.


සබැඳි පුවත් :

බැසිල්, විමල්ගේ පක්ෂයට 'කොකා' පෙන්නයි : වීරකුමාර තීරණයක් ගැනීමට යයි ! 

විමල් -බැසිල් ගැටුමක් : පොහොට්ටුවේ නාමයෝජනා අර්බුදයක් 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top