Pasidol
Sathosa Ad Final Sinhala
Dec 06, 2017

කාලගුණයේ නවතම අනාවැකි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (06) මධ්‍යහන 1200 ට නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.

එබැවින් මේ මගින් දිවයිනට ඇතිවන බලපෑම අඩුවෙතැයි අපේක්ෂා කෙරේ.

මේ වන විට මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කි.මී.850ක් පමණ ඊශාන දෙසින් ස්ථානගතව ඇති අතර ඉදිරි පැය 06-12 කාලය තුලදී පීඩන අවපාතයක් බවට පත්වී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

තවද ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවටද අනාවැකි පලකර සිටී.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.

මේ අතර අද (06) පෙරවරු 10ට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන තත්ත්වය පිළිබඳ විශේෂ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිකුත් කර තිබේ.

එහි සඳහන් වන පරිදි මෙම තත්ත්වය හේතුවෙන් දිවයිනේ ඊශාන දිග සහ නැගෙනහිර වෙරළට කි.මී 300ක් පමණ දුරින් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටක පැ.කි.මී. 80-100 දක්වා වැඩිවිය හැකිය. එමෙන්ම එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි අතර තදවැසිද ඇතිවේ .

තවද හම්බන්තොට සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී.50-60දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වියහැකි බව නිවේදනයේ සඳහන්ය.

මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top