Pasidol
Sathosa Ad Final Sinhala
Dec 07, 2017

බැඳුම්කර කොමිසමේ කාලය දිගු කරයි

මේ වන විට රටේ වැඩි අවධානයක් දිනා ගෙන ඇති ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කිරීමට ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව එහි කාලය දෙසැම්බර් 8 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා දින 23කින් මෙම කාලය දීර්ඝ කර ඇත.

ඉකුත් 2015 පෙබරවාරි මස 01 වන දින සිට 2016 මාර්තු මස 31 වන දින දක්වා වූ කාල සීමාව තුල භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව හෙට (08) ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතව තිබිණ.

මේ අතර පසුගිය 22ද රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව බැඳුම්කර කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර පිළිබඳ ස්තූතිය පළ කල අතරම, එහි ඉදිරි කටයුතුත් ඒ ආකාරයෙන්ම සිදු කිරීමට ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කල බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

සබැඳි පුවත් :
බැඳුම්කර කොමිසමේ කාලය සති හයකින් දික්වේ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top