Dec 10, 2017

මානවහිමිකම් දිනය අද

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අද (10) ට යෙදී තිබේ.

 මෙවර ජගත් මානව හිමිකම් දිනය සමරනු ලබන්නේ 67 වැනි වරටය.

වසර 1950 දී පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී දෙසැම්බර් 10 වනිදා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය.

රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මගින් නෛතික අයිතිවාසිකම් ලෙස නිරතුරුව පිළිගැනෙන සදාචාරාත්මක ප්‍රතිපත්තීන් මානව හිමිකම් ලෙස සැලකේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අර්ථකතනයට අනුව පුද්ගලයෙකුගේ ආගම, ජාතිය, පදිංචිය, සමේ වර්ණය හා වත්කම් යනාදී කිසිවක් ඒ සඳහා බල නොපායි.

මෙවර ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා පවසන්නේ සෑම මිනිසකුටම ගෞරවාන්විතව ජීවත්වීම සදහා මානව හිමිකම් සුරක්ෂිත වන පරිසරයක් බිහි කිරීම ලෝකයේ වගකීමක් බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top