අදාළ සම්මාන පිරිනැමීමට තීරණය කර ඇති වැඩි පිරිසක් වත්මන් දූෂිත සභාපතිවරයාට සහය දක්වන්නන් බවද එම සේවකයන් අගමැතිවරයාට දන්වා තිබේ.
මේ සම්මාන උත්සවය ලබන 12 වැනිදා “වැවිලි සවිය සම්මාන උළෙල 2017” යන නමින් බත්තරමුල්ල KIU සරසවි ශ්රවණාගාරයේදී පැවැත්වීමට මේවන විට කටයුතු යොදා ඇත.
ඒ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීම් පවා පලකර තිබේ. (එවැනි දැන්වීමක් පහත දැක්වේ.)
එහිදී සේවකයන්ට පිරි නැමීමට නියමිත සම්මාන වලට වැයකර ඇත්තේ රුපියල් 60ක පමණ මුදලක් බවද පැවසෙන අතර කෙසේවුවද එහි සේවකයින්ට මේ උත්සවයට සභාගිවීම අනිවාර්යකර තිබේ.
එසේ අනිවාර්ය කර ඇති එම උත්සවයට ඔවුන් සහභාගවිය යුත්තේ කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් නියමකර ඇති විශේෂ ඇඳුම් කට්ටලයකින් බවද පැවසේ.
සභාපති ජෝගි නටන්නේ පොහොර සහනාධාරයත් නොදී
මේ උත්සවය පවත්වන්නේ 2016 වසරේ දී කුඩා තේවතු හිමියන්ට ලබාදිය යුතු පොහොර සහනාධාරය හෝ වගා සහනාධාරයද නිසි ලෙස ලබාදීමකින් තොරව බවද වාර්තා වේ.
සේවකයින් විසින් අගමැතිවරයාට යොමුකළ ලිපියේ පිටපතක් පහත දැක්වේ.
සබැඳි පුවත්
සභාපති පවුලට කැලෑපත්තර : තුනකට අනිවාර්ය නිවාඩු
සභාපතිගෙ අනියම් ඒවා බිරියට ලියුවයි යූනියන් ලීඩර්ට තඩිබාලා (හඬපටය)