Pasidol
Sathosa Ad Final Sinhala
Dec 13, 2017

කතිර දළයාත් අතුරුදන්

මහසෙන් නමින් හදුන්වන මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ කතිර දළ ඇතා ද ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බවට මේ වන විට සැක පළව ඇත.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ලබා සිටි මෙම කතිර දළ ඇතාගේ විශේෂත්වය වන්නේ දිගින් අඩි 6ක් පමණ යුතු දළ යුගල එකිනෙක හරහා බද්ධයෙන් හා වී තිබීමයි.

මීට වසර දෙකකට පමණ ඉහත දී මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී අවසන් වරට දැක ගන්නට ලැබුණු මෙම ඇතා උසින් අඩි 12කි.

කිහිපවරක් දඩයම්කරුවන්ගේ වෙඩි ප්‍රහාරවලට ලක්ව වන ජීවි නිලධාරින් විසින් ප්‍රතිකාර ලබා දී දුන් බව ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයා ප්‍රමුඛ නිලධාරින් පවසයි.

පසුගිය වසර දෙකක පමණ කාලයක් තුළ තොරතුරක් නොවීම හේතුවෙන් කතිර දළයා පිළිබද සොයා බැලීම සදහා මේ වන විට වන ජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා විසින් කමිටුවක් පත්කර ඇත.

මීට මාස 8කට පමණ පෙර කතිර දළ ඇතා මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී දැක ගන්නට ලැබුණු බව ප්‍රදේශවාසීන් පවසයි. කෙසේ වෙතත් මේ වන විට ඇතා ආරක්ෂා සහතව යම් තැනක පසු වන බවට කිසිදු සාක්ෂියක් හමු වී නොමැත.

මහසෙන් ඇතු සෑම වසරකදීම අප්‍රේල් මාසය වන විට මින්නේරිය ජාතික වනෝද්‍යානයට පැමිණෙන බැවින් යළිත් ලබන වසරේ අප්‍රේල් මාසය වන විට ඇතා දැක ගැනීමට හැකි වනු ඇතැයි වන ජීවි නිලධාරින් විශ්වාසය පලකරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top