Pasidol
Sathosa Ad Final Sinhala
Dec 13, 2017

විකිරණ තාක්ෂණවේදීන්ගේ වර්ජනය හෙට Featured

විකිරණ තාක්ෂණවේදීන්ගේ ගැටලුවලට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විසඳුම් ලබානොදීම නිසා එක් දින සංකේත වැඩ වර්ජනයක් රට පුරා රෝහල්වල හෙට (14) උදෑසන 8 සිට අනිද්දා (15) උදෑසන 8 දක්වා ක්‍රියාත්මක කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා පවසයි.

විකිරණ ශිල්පි හිඟය හා නව අපස්මාර ඒකකය ඇතුළු නව විකිරණ අංශයන්හි ගැටලු, පළාත් සභා රෝහල්වලට ආවේණික අමතර සේවා හා ස්ථානමාරු ගැටලු ඇතුළු ඉල්ලීම් පහක් මුල් කර ගනිමින් මේ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඒ මහතා පැවැසුවේය.

මානුෂීය හේතූන් සලකා බලා මහරගම පිළිකා ආයතනය, ළමා රෝහල්, මාතෘ රෝහල් යනාදියේ වැඩ වර්ජනය ක්‍රියාත්මක නොකරන බවත් හදිසි සේවා පවත්වාගෙන යාමට පියවර ගන්නා බවත් ඒ මහතා කීය.

වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත්වන ජනතාවට රජය වගකිව යුතු යැයි ද ඒ මහතා පැවැසුවේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top