Dec 15, 2017

"ආවා" 6 දෙනාගේ ඇප ප්‍රතික්ෂේප වෙයි

අත්අඩංගුවට පත් යාපනය ''ආවා'' කල්ලියේ ප්‍රබල සාමාජිකයින් හය දෙනාට ඇප ලබාදීම ඊයේ 14 දින යාපනය දිසා විනිසුරු එස්.සදීස්කරන් මහතා විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

මේ සැකකරුවන් හය දෙනාගෙන් තිදෙනෙක් කොළඹදි අත්අඩංගුවට පත් වූ අතර ඊට අක්‍රම් නැමති මුස්ලිම් තරුණයෙකුද ඇතුළත් විය.

ඉතිරි තුන්දෙනා යාපනය හා වවුනියාව ප්‍රදේශවලින් අත් අඩංගුවට ගෙන තිබුණි.

''ආවා'' කල්ලියේ සාමජිකයින් හයදෙනා වෙනුවෙන් නීතිඥවරුන් තුන්දෙනෙකු පෙනී සිටි අතර සැකකරුවන් කාලයක්ම රිමාන්ඩ් බාරයේ සිටින බැවින් සාධාරණ හේතූන් ගැන සලකා ඇප ලබාදෙන මෙන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

නමුත් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කල විනිසුරුවරයා ඔවුන් හය දෙනා ලබන 28 වෙනිදා තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කොට තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top