Dec 21, 2017

ශ්‍රීලනිපය කඳුකරයට කුකුලා සමග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තොන්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය දිස්ත්‍රීක්කයේ පළාත් පාලන ආයතන වලට නිතරඟ ගිවිසුම් යටතේ අද (21) දිනයේ නාමයෝජනා බාරදෙනු ලැබිය.

ඒ අනුව නුවරඑළිය මහ නගර සභාව, තලවකැලේ-ලිඳුල ප්‍රදේශීය සභාව, හැටන් නගර සභාව, නුවරඑළිය ප්‍රාදේශීය සභාව, ආගරපතන ප්‍රාදේශීය සභාව, නෝවුඩ් ප්‍රදේශය සභාව, මස්කෙළිය ප්‍රදේශය සභාව හා කොටගල ප්‍රාදේශීය සභාවට ශ්‍රීලනිප නියෝජිතයින් 'කුකුළා' ලකුණ යටතේ ඉදිරිපත්ව සිටියි.

එසේම, අඹතලේ, වලපනේ, කොත්මලේ හා හඟුරන්කෙත ප්‍රදේශය සභා සඳහා තොන්ඩමන් මහතාගේ පක්ෂයේ නියෝජිතයින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 'බුලත් කොලය' තරඟ කිරීමට අද දිනයේ නාමයෝජනා බාරදෙනු ලැබිය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top