Pasidol
Sathosa Ad Final Sinhala
Nov 30, 2016

බන්ධනාගාර තුළ තවත් තර්ජනයක් Featured

බන්ධනාගාරගත කර ඇති සිරකරුවන් අතර බෝවන රෝග, ක්‍ෂය රෝග හා කුෂ්ඨ රෝග බහුලව පැතිරෙන බව වෛද්‍ය පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

සිරකරුවන් රඳවා තැබීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් සිර ගෙවල්වල නොමැති වීමත් ප්‍රමාණවත් වාතාශ්‍රයක්‌ නොමැති වීමත් අධික තදබදයත් සිරකරුවන් අතර බෝවන රෝග, ක්‍ෂය රෝග හා කුෂ්ඨ රෝග බහුලව පැතිරීමට හේතු සාධක වී තිබේ.

මෙම තත්ත්වය යටතේ දිවයිනේ සියලුම බන්ධනාගාර රැඳවියන් හා බන්ධනාගාර නිලධාරීන් සඳහා ක්‍ෂය රෝග පරීක්‌ෂණ වැඩසටහන් මේ දිනවල ජාතික ක්‍ෂය රෝග, ලය හා ශ්වසන රෝග මර්දන ඒකකය විසින් ආරම්භ කර ඇත.

වෛද්‍යවරුන් මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරුන්, හෙදියන්, තාක්‌ෂණ සේවයේ නිලධාරීන් මෙම වැඩසටහනට සම්බන්ධ වී ඇති අතර ජාතික ක්‍ෂය රෝග මර්දන වැඩසටහනේ අධ්‍යක්‌ෂිකා වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top