Dec 26, 2017

'කෙහෙලිය ඇතුළු 10ක් ආණ්ඩුවට එනවා'- හැරිසන් කියයි

ජනවාරි මාසයේ 10-12 දින වන විට විපක්‍ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10කට ආසන්න පිරිසක් එකසත් ජාතික පක්ෂයට එක්වන බව ඇමති පී. හැරිසන් මහතා පවසයි.

ඒ සම්බන්දයෙන් දැනටත් සාකච්චා සිදුවෙමින් ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි.

එසේ විපක්‍ෂයෙන් ආණ්ඩුවට එක්වන පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ලද සිටින බව ඔහු වැඩි දුරටත් කියා සිටී.

කෙසේවුවද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ගුණමකුකම් කිරීමට තමා සූදානම් නැති බවයි.

මේ අතර අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා ප්‍රකාශ කළේ වෙනත් දේශපාලන පක්ෂවලින් 51 දෙනෙකු මේ සතිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top