Dec 28, 2017

TNA - LTTE සාමාජික හමුවක් (ඡායා)

දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල නායකයින් පිරිසක් සමඟ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ඊයේ (27) මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පවත්වා තිබේ.

එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයන් හා සකච්ඡාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශිවඥානම් ශ්‍රීධරන් හා චාර්ල්ස් නිර්මලනාදන් යන මත්වරුන් එක්ව තිබේ.

මේ සාකච්ඡාව පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හරහා ඉදිරි පළාත් පාලන මැතිවරණය ජය ගැනීම දෙමළ ජාතාක සන්ධානයේ මූලික අරමුණ වී තිබූ බවද මේ අතර වාර්තා වේ.

තවමත් දෙමළ ජනතාව අතර හිටපු එල්.ටී.ටී.ඊ. නායකයින් සම්බන්ධයෙන් ප්‍රසාදයක් පවතින බව දමිළ දේශපාලන ක්ෂේත්‍රයේ පොදු පිළිගැනීම වේ.

මේ සාකච්ඡාවේදී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් ඉදිරි පාළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කරවීම හරහා ප්‍රාදේශීය සංවර්ධන කටයුතු වඩාත් සාර්ථක කරගත හැකි බව පෙන්වාදී තිබේ.

මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

LTTE 01

LTTE 03

LTTE 05

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top