Pasidol
Sathosa Ad Final Sinhala
Nov 30, 2016

විද්‍යුත් හැදුනුම්පත් ටෙන්ඩරය ගැන අනාවරණයක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත විද්‍යුත් හැදුනුම්පත සදහා ‘ඊ -කාඩ්පත්‘ මිලදී ගැනීමේ ටෙන්ඩරය තාක්ෂණික ඇගයීමකින් පසුව රු. 72 කට මිලදී ගැනීමේ හැකියාව පවතිද්දී අදාළ කාඩ්පත රු. 114 බැගින් මිල ගණන් ඉදිරිපත් කළ සමාගම වෙත ලබා දිය යුතු බවට යෝජනා ඉදිරිපත් කර ඇති බව කැෆේ සංවිධානය පවසයි.

බහුතර සාමාජිකයන් ගේ කැමැත්ත වූ රු. 72 ක මිල ඉවත දමා, ඒ වෙනුවට රු. 114 කට ඊ-කාඩ්පත් මිලදී ගැනීමට යෝජනා කර ඇත්තේ සාමාජිකයින් තිදෙනෙක් බවත් එම සංවිධානය සදහන් කරයි.

රු. 72 කට අඩු මුදලකට ඉහළ තාක්ෂණයෙන් යුතු කාඩ්පතක් මිල දී ගැනීමේ හැකියාව තිබිය දී, එයට වඩා රුපියල් 34 ක් වැඩි මුදලකට අදාළ මිලදී ගැනීම සිදු කිරීමට තුලින් රටට විශාල මුදල් ප්‍රමාණයක් අහිමිවන බව එම සංවිධානය පවසයි.

අදාළ ටෙන්ඩරයේ මුල්‍ය වටිනාකම රු. 187.5 කි. කෙසේ නමුත්, ටෙන්ඩර් කමිටුවේ බහුතරයකගේ මතය වී ඇත්තේ අදාළ තාක්ෂණික නිර්ණායක සපුරා ඇති අවම මිල ඉදිරිපත් කළ සමාගමට ටෙන්ඩරය පිරිනැමිය යුතු බවයි.

අමාත්‍යාංශය විසින් මේ වන විට අදාළ ටෙන්ඩරය පිළිබද ප්‍රසම්පාදන කමිටුව වෙතින් ද උපදෙස් ලබා ගෙන ඇති බව කැෆේ සංවිධානය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top