Jan 01, 2018

JDS වෙබ් අඩවිය අද යළි වැඩ අරඹයි

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දෙමාසයකට වැඩි කාලයක් අක්‍රීයව පැවති jdslanka.org වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කල බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS)සංවිධානය පවසයි.

සුපුරුදු පරිදි නැවත ජනවාරි 01 වනදා සිට කිසිඳු අවහිරයකින් තොරව වෙබ් අඩවියට පිවිසිය හැකි බව එම සංවිධානයේ රෝහිත භාෂණ කියා සිටියේය.

කෙසේ වෙතත් එහි සිංහල වෙබ් අඩවිය මුදා හැරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top