Jan 03, 2018

Daily News 100 වැනි උපන් දිනය අදයි

ලේක්හවුස් ආයතනය ප්‍රකාශයට පත්කරන ‘ඩේලිනිවුස්’ පුවත් පතට අද (3 ) වසර 100 සපිරේ.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් පුවත් පතේ ඉතිහාසය ඇතුළු වැදගත් කරුණු සහිත පිටු සියයක විශේෂ අතිරේකයක් ඩේලිනිවුස් පත්‍රය සමඟ අද පිරි නැමේ.

වසර 1918 ජනවාරි 03 වැනි දින ඩී. ආර්. විජයවර්ධන මහතා ආරම්භ කළ ඩේලිනිවුස් පුවත් පතේ පළමු කතුවරයා වී ඇත්තේ ක්‍රවුදර් නමැති ඉංග්‍රීසි ජාතිකයාය.

ආරම්භයේ සිට මේ දක්වා ඩේලිනිවුස් පුවත් පත මෙහෙයවා ඇති කර්තෘවරු සංඛ්‍යාව 26 කි.

එහි වර්තමාන කර්තෘවරයා වන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලලිත් අලහකෝන් මහතායි.

"සිලනිස්" නමින් ඇරඹි ...

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ "සිලනිස්" නමින් පැවැති පුවත්පත ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්.විජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් ඩේලිනිවුස් නමින් නව පුවත් පතක් ලෙස මුද්‍රණයෙන් ජනතාව අතට පත් විය.

දකුණු ආසියාවේ වසර සියයක් අඛණ්ඩව සම්පූර්ණ කළ පුවත් පතක් ලෙස ඩේලිනිවුස් පුවත් පත ඉතිහාසගත වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top