Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Dec 01, 2016

'උතුරු-නැඟෙනහිර එකතු කරන තීරණයක් නෑ' -සම්බන්ධන් Featured

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුම් ගෙන ඒම අනිවාර්ය නමුත් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර එම විසඳුම ගෙනඒම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්‍ෂනායක ආර්.සම්බන්ධන් මහතා පැවැසීය.

ත්‍රීකුණාමලය දිස්තත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් සමගින් විපක්‍ෂනායකවරයාගේ ත්‍රීකුණාමලයේ පිහිටි නිවසේ දී පෙරේදා (29 ) පැවති සාකච්ඡාවේ දී සම්බන්ධන් මහතා මේ අදහස් පලකර සිටියේය.

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර දේශපාලන විසදුම් ගෙන ඒම සම්බන්දයෙන් තවදුරටත් සාකච්ඡා වන බවත් ඒ සඳහා මුස්ලිම් පාර්ශ්වයත් දෙමළ පාර්ශ්වයත් සාකච්ඡා කර අවබෝධයක් ඇතිකර ගතයුතු බවත් හෙතෙම කීය.

ස්ථීර දේශපාලන විසඳුමක් :

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් වැදගත් කරුණු තුනක් සම්බන්ධයෙන් දැඩිව සාකච්ඡාවට බඳුන් වන බවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් ඍජු තීරණයකට එළබීමට නොහැකිව ඇති බවත් විපක්‍ෂනායකවරයා මෙහි දී වැඩිදරටත් සඳහන් කළේය.

තවද ජනවාර්ගික අර්බුදයට ස්ථීර දේශපාලන විසඳුමක් වෙනුවෙන් තමන් කැපවී කටයුතු කරන බවත් මේ වසර අවසන් වීමට පෙර එම විසඳුම ගෙන ආ හැකි යැයි විශ්වාස කරන බවත් සම්බන්ධන් මහතා තවදුරටත් සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top