Jan 09, 2018

MRගේ බැකප් එකේ හැපුන 4ක් රෝහලේ !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පසුගමන් ආරක්‍ෂක රථයක ත්‍රිරෝද රථයක්‌ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් සිවුදෙනකු තුවාල ලබා ආඳපාන රෝහලට ඇතුළත් කර තිබේ.

විශේෂ කාර්ය බළකායට අයත් එම රථය හිටපු ජනපතිවරයාගේ පසුගමන් ආරක්‍ෂක කටයුතුවල යෙදී ආපසු මාදුවෙල විශේෂ කාර්ය බළකා කඳවුර බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

ත්‍රිරෝද රථ අනතුරින් තුවාල ලබා ඇත්තේ මාතර යටියන පදිංචි කාන්තාවක් ඇතුළු සිවුදෙනකු වන අතර තුවාලකරුවන් රෝහල් ගතකරනු ලැබ ඇත. අනතුර සිදුකළ ආරක්ෂක රථයේ රියදුරාට අමතරව විශේෂ කාර්ය බළකායේ උපපොලිස්‌ පරීක්‍ෂකවරයකු සහ කොස්‌තාපල්වරුන් දෙදෙනකුද එහි ගමන් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top