Jan 10, 2018

"මේ ඡන්දෙට එක කතිරයි - මනාප නෑ” මැකෝ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද පත්‍රිකාවේ සලකුණු කළ යුත්තේ එක් කතිරයක් පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

ඡන්ද පත්‍රිකාවේ එක් කතිරයකට වඩා තිබුණහොත් එය ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකනබවද ඔහු කියා සිටී.

මාධ්‍ය උපමාන සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඊයේ (09) රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී ඔහු මේ බව කියා සිටියේය.

මෙවර ඡන්ද පත්‍රිකාවේ මනාප ඡන්ද සලකුණු කිරීමට කොටසක් නොමැති බැවින් එක් කතිරයක් පමණක් කැමති පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියේ සලකුණු කළ හැකි බව ඔහු පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top