Pasidol
Sathosa Ad Final Sinhala
Jan 10, 2018

ගුටි කෙළි අස්සේ : මරික්කාර්, ලොකුගේ ගේ කනට ගහලා ! Featured

අද (10) පෙරවරුවේ පාර්ලිමේන්තු සභා ගැඹේ සිදුවූ ගුටි හුවමාරුවේදී එජාප මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසින් එල්ලකල ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඒකාබද්ධ මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන ඇති බව වාර්තාවේ.

බැදුම්කර වාර්තාව නොමැතිව පාර්ලිමේන්තු සැසියක් පැවැත්වීමට ගොස් අද නැවත වරක් ලංකා පාර්ලිමේන්තුවේ පොර පිටියක් බවට පත්විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා ‘මහින්ද හොරා යැයි කෑගැසීමත් සමගම‘ එජාප මන්ත්‍රී මරික්කාර් මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ ගාමිණී ලොකුගේ මහතා අතර ගුටි බැට හුවමාරුවක් සිදු විය. එහිදී මරික්කාර් මන්ත්‍රීවරයා ලොකුගේ මහතාගේ කනට වැරෙන් පහරදී ඇත.

මෙම ගැටුමට චමින්ද විජේසිරි, ජොන්ස්ටන්, හෙක්ටර් අප්පුහාමි ද එක් වූ අතර මන්ත්‍රීනි කවිරත්න මහත්මිය ඇතුළු මන්ත්‍රීවරු එයට මැදිවිය.

සිදුවීමෙන් සුලූ තුවාල ලද ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදීම ප්‍රතිකාර කර ඇත.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා ක්ලාන්ත වී ඇති වැටී තිබේ. ඔහු රෝහල්ගත කර ඇත.

පක්ෂ තුනක ඉල්ලීමක් :

මහ බැංකු බැදුම්කර සිදුවීමට අදාලව විශේෂ ජනාධිපති විමර්ශන කොමිසන් සභාව විසින් නිකුත් කරනු ලැබූ වර්ථාව පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සඳහා පාර්ලිමේන්තුව හදිසි රැස්වීමක් කැදවන ලෙස පසුගිය සතියේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පිළිගත් දේශපාලන පක්ෂ 03ක් විසින් ඉල්ලීම් කර තිබිනි.

නමුත්, පාර්ලිමේන්තුව එවන් හදිසි රැස්වීමක් කැදවීම සඳහා (ස්ථාවර නියෝග 14 ප්‍රකාරව) ඉල්ලීමක් කිරීමේ බලය අග්‍රාමාත්‍යවරයා වෙත පවරා ඇති බැවින්, කථානායකවරයා විසින් අදාල පාර්ශවයන්ගේ ඉල්ලිම් අනුව පාර්ලිමේන්තුව හදිසි රැස්වීමක් කැඳවීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ජා කර ඇත.

මේ පිළිබඳව අග්‍රාමත්‍යවරයාගේ පුර්ණ එකඟතාවය පල වූ බැවින් අද (10) දින ඒ සඳහා පාර්ලිමේන්තුව කැදවීමට තීරණය කෙරිනි.

ඒ සඳහා වූ පූර්ව පක්ෂ නායක රැස්වීමක් ඊයේ (09) දින පස්වරු 02.00 ට කථානායකවරයා විසින් කැඳවන ලදී.

පක්ෂනායක රැස්වීමේ දී සියළු පාර්ශවයන් පොදුවේ එකඟ වූයේ අද දින (10) පාර්ලිමේන්තුවට බැඳුම්කර සිද්ධියට අදාල වාර්තාව ඉදිරිපත් කල යුතු බවයි.

වාර්තාව ලබන සතියේ මැතිසබයට :

ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් සිදු කිරීමට ද පක්ෂ නායකවරුන් විසින් අදහස් දැක්වීමට අවස්ථාව සැලසීමටද වැඩිදුරටත් එකඟවිය.

ඒ අනූව කථානායකවරයා විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලද අතර, සභානායක ලේකම් විසින් ජනාධිපති ලේකම්වරයා දැනුවත් කිරීම සිදුව ඇත.

ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා සමඟද සාකච්ජා කර පාර්ලිමේන්තුව වෙත දන්වා ඒවා ඇත්තේ, අදාල වාර්ථාව මුලින්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව, නීතිපති, හා මහබැංකුව වෙත යොමු කර ජනවාරි 17 හෝ ඊට ආසන්න දිනක පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන බවයි.

Clash parliment 10 01 18පූර්ව සැලසුමක් සහිතව බාධා ...

නමුත් අද දින පෙ.ව 10.30 පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේ දී බැඳුම්කර වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර පාර්ලිමේන්තුව හදිසි කැදවීමක් සිදු කිරිමේ අරමුණ ඉටු නොවන බව ප්‍රකාශ කරමින් දිනේෂ් ගුණවර්ධන , අනුර කුමාර දිසානායක යන මන්ත්‍රීවරු ප්‍රමුකව විපක්ෂ මන්ත්‍රිවරු කිහිප දෙනෙක් අදහස් දැක්වූහ.

කෙසේ වෙතත්, පෙරදින පක්ෂ නායක රැස්විමේ ඇති කර ගත් එකගතාවය පරිදි අග්‍රාමාත්‍යවරයාට සිය ප්‍රකාශය සිදු කිරිමට අවස්ථාව සැලසු නමුත්, ඊට බාධා කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සභාගර්භය මැදට පැමින පොස්ටර් ප්‍රදර්ශනය කරමින් උද්ඝෝශනය කලහ.

මෙහිදී, ආණ්ඩුපක්ෂ මන්ත්‍රිවරු චෝදනා කරන ලද්දේ පූර්ව සැලසුමක් සහිතව පෝස්ටර් රැගෙනවිත් සභාව කඩාකප්පල් කිරිමට අදාල පිරිස් කටයුතු කරන බවය.

දෙපාර්ශවයේම මන්ත්‍රිවරු සභාගර්භය මැදට පැමිණ එකිනෙකාට ප්‍රතිචාර දක්වන්නට වූ අතර තත්වය පාලනය කිරීම සඳහා කථානායකවරයා විසින් සභාව කල් තබා පක්ෂ නායක රැස්වීමක් කැදවන ලදි .

පක්ෂ නායක රැස්විමෙන් අනතුරුව පාර්ලිමේන්තුව යලි රැස්වූ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දිනේෂ් ගුණවර්ධන, අනුර කුමාර දිසානායක ලසන්ත අලගියවන්න යන මහත්වරු අදහස් දැක්වූහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top