Pasidol
Sathosa Ad Final Sinhala
Jan 11, 2018

ජනපතිගෙන් රතු එළියක් ! - කඩුවෙන් වැඩ ගැනීමට යයි !!

වංචා දුෂණ සිදු කරන සියල්ලන්ට පක්ෂ, තනතුරු හෝ තත්වය නොසලකා ලබාදිය හැකි ඉහළම දඩුවම් ලබාදීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.

පොළොන්නරුව දියසෙන්පුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට අද පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ වැරදි කරන පුද්ගලයන්ට නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙසට විනය ක්‍රියාමාර්ග ගැනීමට තමා නොපැකිළව කටයුතු කරන බවයි.

එතුලින් වංචාවෙන් දුෂණයෙන් තොරව කටයුතු කරන ජනහිතකාමී අවංක මහජන නියෝජිතයන් පිරිසක් පත්කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජන හමුව සංවිධාන කර තිබිණ.

වීඩියෝ

පිරිසිදු දේශපාලනයක්‌ කරා යන ගමන් මගේදී තම කඩුවට කැපෙන්නේ මොන පක්‍ෂයද මොන පාට ද, මොන ඥතියා ද කියා තමාට වැදගත් නැති බවත්, පිරිසිදු දේශපාලනය වෙනුවෙන් එය තීරණය වන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා පැවති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්‌වීමේ උත්සවයේදී කියා සිටියේය.

සබැඳි පුවත් :
ජනපතිගේ 'කඩුවට' කැපෙන අයගැන ඉඟියක්‌ !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top