Pasidol
Sathosa Ad Final Sinhala
අධිකරණ තීන්දුවෙන් කට්ටියට ම රත්වේවී - ඉසුර අධිකරණ තීන්දුවෙන් කට්ටියට ම රත්වේවී - ඉසුර
Jan 12, 2018

ගෝඨාව බේරගන්න රටින් යැව්වේ ජනාධිපති - ඉසුර කියයි

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීම සදහා රාජපක්‍ෂ පවුලේ ඇතැමුන් විසින්  කුමන්ත්‍රණයක් කල බවත්, මේ බව දැනගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කල බවත්, ඒ අනුව ඔහු වහාම රටින් පිටවූ බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

එමගින් රාජපක්ෂ පවුල ඇතැමුන් උත්සාහ කරනු ලැබුවේ ජනධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අපකීර්තියට පත් කිරීමට බවද ඔහු එහිදී සදහන් කළේය.

මහ ඇමතිවරයා මෙම අදහස් පල කලේ සන්ධානයේ පළාත් පාලන අපේක්‍ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.

'මීළඟ අගමැති තෝරන්නේත් මෛත්‍රීයි'

මීළඟ රජයේ අගමැති හා අමාත්‍යවරු කවුරුන් ද යන්නේ තීරණය කරනු ලබන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බව ද ඉසුර දේවප්‍රිය මහතා එම රැස්වීමේදී පැවසීය.

“පස්දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් හෙට අනිද්දා තීරණයක් දෙනවා. ඒ තීරණයෙන් තමයි කට්ටිය රත් වෙන්නේ. ඔක්කොම හිතුවා 2020 දී තමයි ජනපතිගේ නිල කාලය අවසන් වෙන්නේ කියලා. නෑ. මේ 19 වැනි සංශෝධනය අපේ ජනපතිවරයාට වලංගු වෙන්නේ නෑ.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාට 2021 වනතෙක් තමන්ගේ ධුර කාලයේ රැඳී සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවස්ථාව ලැබී තිබෙනවා.

ඊළඟ රජයේ අග්‍රාමාත්‍යවරයා කවුද කියලා තීරණය කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයායි. ඒ වගේම එහි කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු තෝරා ගනු ලබන්නේත් ඔහු විසින්මයි.

2021 වන තෙක් මේ රට පාලනය කරන්නේ ශ්‍රී ලංකා නිදහහස් පක්ෂය හා මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයායි. “ යැයි ද ඔහු පවසා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top