Pasidol
Sathosa Ad Final Sinhala
අද මාධ්‍ය ෆුල් ට්‍රයි කරන්නේ අගමැතිතුමාව හොරෙක් කරන්න. අද මාධ්‍ය ෆුල් ට්‍රයි කරන්නේ අගමැතිතුමාව හොරෙක් කරන්න.
Jan 12, 2018

'අගමැති හොරෙක් බව ඔප්පු වුණොත් ගෙදර යනවා' -තලතා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සොරකම් කළේ යැයි අධිකරණයේ ඔප්පු වුණොත් ඇමැතිකම් හා මන්ත්‍රිකම් අතහැර දේශපාලනයෙන් සමුගන්නා බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රත්නපුර මාදම්පේ ප්‍රදේශයේ පැවැත්වූ ජන හමුවකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

"අද මොනතරම් මාධ්‍ය ජනාධිපතිතුමාට බනිනවාද, අගමැතිතුමාට බනිනවාද, අපිට බනිනවාද, අද මාධ්‍ය ෆුල් ට්‍රයි කරන්නේ අගමැතිතුමාව හොරෙක් කරන්න.

අපේ අගමැතිතුමා හොරෙක් කියලා මොනම අධිකරණයක හරි ඔප්පු වුණොත් මේ තලතා අතුකෝරල ඇමැතිකම් දෙකත් තියලා මන්ත්‍රිකමත් තියලා ගෙදර යනවා.

හොරකම් කරපු එකා හැම තිස්සේම හිතන්නේ බලය ගන්නේ හොරකම් කරන්න කියලා. මිනී මරපු එකා හැම තිස්සෙම හිතන්නේ බලයට එන්නේ මිනී මරන්න කියලා. අපි ඒවා ජනවාරි 8දා නැවැත්වුවා.

අද අගමැතිතුමාට මාධ්‍යවේදීන් කියන දේවල් එදා කිව්වා නම් ලසන්ත වික්‍රමතුංගලා, ලක්මාල්ලා, එක්නැලිගොඩලා වගේ මාධ්‍යවේදීන් 34ක් අතුරුදන් කරපු විදියට ඒ අයත් අතුරුදන් වෙනවා.

රනිල් වික්‍රමසිංහගේ ඇඟේ ඔය ලේබල් එක ගහන්න කිසි කෙනෙක්ට පුළුවන්කමක් නෑ."

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top