Pasidol
Sathosa Ad Final Sinhala
Jan 12, 2018

මැතිවරණ ලේකම් වැඩ අණ්ඩර දෙමළෙන් ? Featured

වෛද්‍ය හේතු, විනය හේතු හෝ සේවා අවශ්‍යතා මත කරන ස්ථාන මාරුවීම් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් නොගෙන කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම් හේ.මු.ති.දි. හේරත් මහතා පෙන්වාදී තිබේ.

ඔහු මේ බව පෙන්වාදී ඇත්තේ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය විසින් තේ පරීක්ෂක ව්‍යාපෘති තාක්ෂණික සංගමයේ ලේකම් එස්.එල්. ප්‍රියදර්ශන මහතා 14-12-2017 වැනිදා එම අධාකාරියේ කළුතර ප්‍රාදේශීය කාර්යාලයට මාරු කිරීම මුලින් අත්හිටුවා පසුව එය අනුමත කිරීම සම්බන්ධයෙන් ප්‍රියදර්ශන මහතා ලේකම්වරයාගෙන් කළ ලිඛිත විමසීමකදී ඔහු මේ බව දක්වා ඇත.

Docnow

කෙසේවුවද, ඡන්ද විමසීම පැවැත්වෙන පළාත්වලට නිලධාරීන් සේවකයින් බඳවා ගැනීම, උසස් කිරීම හා මාරු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් 28-11-2017 නිකුත් කරන ලද චක්‍රලේඛනයේ දැක්වෙන්නේ මැතිවරණ සමයේදී විනය ක්‍රියාමාර්ග හේතුවෙන් ස්ථාන මාරු කිරීම් සිදු කරන්නේ නම් එම චක්‍රලේඛයේ 07 වැනි වගන්තියේ (vi) පරිච්ඡේදයේ දැක්වෙන පරිදි මැතිවරණ කොමිෂන් සභාවට පෙර දැනුම්දීමක් කර අවසර ලබාගත ඇති බවයි.

එහි 07 වැනි වගන්තියේ (vi) පරිච්ඡේදයේ දැක්වෙන්නේ “ තවද කිසියම් විශේෂිත අත්‍යවශ්‍ය කරුණක් හේතුවෙන් එනම් (විනය ක්‍රියාමාර්ග, නිළධාරීන්ගේ ඉල්ලීම්මත සානුකම්පිත ක්‍රියා කිරීමට සිදුවීම, යම්කිසි පාඨශාලාවකට අත්‍යවශ්‍ය ගුරුවරුන් ලබාදීම වැනි කරුණු හේතුවෙන්) ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ප්‍රදේශවල නිළධාරීන් / ගුරුවරුන් / විදුහල්පතිවරුන් ස්ථානමාරු කිරීමට සිදුවන විට එම මාරුකිරීම් දේශපාලනමය සිද්ධීන් නිසා කරනු ලබන මාරුවීම් නොවන බවට සනාථ කළ හැකි නම් නැතහොත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි / චෝදනා නොලැබේ නම් එවැනි මාරුවීම් සම්බන්ධයෙන් මැතිවරණ මහ ලේකම් කාර්යාලය දැනුවත් කරනු ලැබූ පසු ඒ සඳහා අනුමැතිය ලබාදිය හැකිය.) බවයි.
Doc 003

අදාළ ස්ථාන මාරු කිරීම එසේ මැතිවරණ කොමිසමෙන් විමසීමකින් තොරව කරන ලද්දකි. එසේම ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණේ සහය ඇති වෘත්තීය සමිතියක නිලයක් දරණ පුද්ගලයකු බැවින් අදාළ මාරුකිරීම දේශපාලන හේතු මත සිදුවූවක් බවට සාක්ෂිද මතුව ඇත.

ඒ පසුගිය දිනවල කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් සිදුකරන ලද අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔහු පෙනී සිටිමින් මාධ්‍ය සාකච්ඡාවක් ද කැඳවා තිබිණි.එම ආතනයේ පසුගිය කාලයේදී සිදුවූ විශාල වංචාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් අප ද වරින්වර හෙළි කළේය. තවත් එවැනි වංචාවන් කිහිපයක් සම්බන්ධ තොරතුරු අපවෙත ලැබී ඇති අතර අපි ඉදිරියේදී එම තොරතුරුද හෙළි කිරීමට කටයුතු කරන්නෙමු.

ප්‍රියදර්ශන මහතා ඔහුගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් 20 - 12 - 2017 මැතිවරණ කොමිසට ලිඛිතව දැන්වීමෙන් පසුව ප්‍රියදර්ශන මහතාගේ ලිපිය සලකා බලා 23-12-2017 මැතිවරණ කොමිෂන් සභාව විසින් ඔහුගේ ස්ථාන මාරුව අවලංගු කර ඇත.

ඊට අදාළ ලිපිය පහත දැක්වේ.
Doc 002

කෙසේවුවද, ඊට දින 6කට පසුව (29-12-2017) නැවතත් මැතිවරණ කොමිෂන් සභාව අදාළ ස්ථාන මාරුව අවලංගු කර කුඩා තේවතු සංවර්ධන අධිකාරියට ලිපියක් යොමුකර තිබේ.
Doc 004 new

සබැඳි පුවත්
මැතිවරණ කොමිසම මැතිවරණ චක්‍රලේඛය උල්ලංඝනය කරලා !

සභාපති පවුලට කැලෑපත්තර : තුනකට අනිවාර්‍ය නිවාඩු

Exclusive - සභාපතිගෙ අනියම් ඒවා බිරියට ලියුවයි යූනියන් ලීඩර්ට තඩිබාලා (හඬපටය)

නවීන්ටත් FCID යන්න වෙයි ?

චණ්ඩි දේවගෙදරගේ වාහන අවභාවිතය

දේවගෙදරගේ ජෝගියක් ගැන සේවකයෝ අගමැතිට ලියයි

බල්ලන්ගේ වැඩට බූරුවෝ ජපන් යවන කුඩා තේවතු සංවර්ධන අධිකාරිය

මැර දේවගේදර තලගම පොලිසියත් නිහඬ කරයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top