Pasidol
Sathosa Ad Final Sinhala
Jan 12, 2018

මෙරට දෙමළ පවුල් ඉන්දියාවේ පුරවැසිකම ඉල්ලයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පවුල් 39,730 ක පිරිසකගෙන් පවුල් 7200 ක්‌ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පුරවැසිකම ලබාදෙන මෙන් තමිල්නාඩු බලධාරීන්ගෙන් ඉල්ලීමක්‌ කොට තිබේ.

ඔවුන් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි කාරණය වශයෙන් ඉදිරිපත් කොට ඇත්තේ යුද සමයේදී ඔවුන් ජීවත් වූ ගම්මාන හා ඉඩම් දැන් වෙනත් පිරිස්‌ විසින් අල්ලාගෙන තිබීම නිසා ඔවුන්ට ජීවත්වීමට ස්‌ථානයක්‌ නොමැති බවයි.

තමන්ට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පුරවැසිකම ලබාදෙන මෙන් තමිල්නාඩු ප්‍රාන්ත නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය ඕ. පනීර්සෙල්වම් මහතා වෙත ඉදිරිපත් කොට ඇති දුක්‌ ගැනවිලිවල තවදුරටත් සඳහන් කොට ඇත්තේ තමන්ගේ දරුවන් විශාල පිරිසක්‌ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ විවිධ විශ්වවිද්‍යාලවල හා ඩිප්ලෝමා ලබාදෙන ආයතනවලින් අධ්‍යාපනය හදාරා සිටින බැවින් ආපසු ශ්‍රී ලංකාවට ගොස්‌ ඊට ගැළපෙන අන්දමේ රැකියාවන් ලබා ගැනීම දුෂ්කර කාර්යක්‌ බවයි.

දැනට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ගෙන් විශාල පිරිසක්‌ ඉන්දීය ධීවරයින් සමඟ ධීවර කර්මාන්තයේ යෙදෙන බවද ඒ අන්දමටම විවිධ කර්මාන්ත ශාලාවල සේවය කරන බවද ඔවුන් සදහන් කොට තිබේ

තමිල්නාඩු ප්‍රාන්ත නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය ඕ. පනීර්සෙල්වම් මහතාගෙන් කළ ඉල්ලීමට ඔහු පිළිතුරු වශයෙන් ප්‍රකාශ කොට ඇත්තේ ඉන්දීය මධ්‍යම රජය සමඟ සාකච්ඡා කොට මේ ප්‍රශ්නයට පිළිතුරක්‌ ලබා දෙන බවයි.

යුද සමයේදී ශ්‍රී ලාංකික දෙමළ වැසියන් ලක්‌ෂ තුනක්‌ පමණ ඉන්දියාවේ පමණක්‌ රැකවරණය පතා එහි ගොස්‌ සරණාගත කඳවුරුවල ජීවත්වූ අතර ඉන් ආපසු පැමිණ ඇත්තේ ලක්‌ෂ දෙකක්‌ පමණ පිරිසකි.

දිනසේන රතුගමගේ

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top