Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Jan 12, 2018

සිරකරුවන් අතර උපාධිධාරීන් 55ක්

කිසි දිනෙක පාසල් නොගිය සිරකරුවන් 1523 දෙනකු බන්ධනාගාරගතව සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ 2017 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාව අනුව 5 වැනි පන්තිය දක්‌වා අධ්‍යාපනය ලද 6879 දෙනෙක්‌ද, 5 සමත් 5894 දෙනෙක්‌ද, 8 සමත් 6129 දෙනෙක්‌ද බන්ධනාගාරවල වෙසෙති.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමතුන් 2643 දෙනකු සහ උසස්‌ පෙළ සමතුන් 909 ක්‌ සිරදඬුවම් විඳින බවද, උපාධිධාරීන් 55 ක්‌ ඒ අතර වන බවද එම වාර්තාව මගින් අනාවරණය කරයි.

වැලිකඩ, බෝගම්බර, මහර ඇතුළු බන්ධනාගාර 25 ක මේ වන විට සිරකරුවන් 24,060 දෙනකු රඳවා සිටින බවද එම වාර්තාවේ සඳහන් වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top