Pasidol
Sathosa Ad Final Sinhala
Jan 12, 2018

පෞද්ගලික රෝහල්වල අයකිරීම් සීමා කෙරේ

පෞද්ගලික රෝහල්වල සැත්කම් සඳහා අය කරන ගාස්තුවලට සීමාවක් පැනවීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

එහි ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ, දැනට එකම වර්ගයේ සැත්කමක් සඳහා එක් එක් පෞද්ගලික රෝහල්වල විවිධ මිල ගණන් අය කරන බවයි.

මෙම තත්ත්වය රෝගීන්ට දැඩි පීඩා ඇති කරන්නක් බව ද අධිකාරිය සඳහන් කළේ ය.

ඒ අනුව පෞද්ගලික රෝහල් නියාමන පනතේ ප්‍රතිපාදන යටතේ සැත්කම් සඳහා උපරිම මිල සීමාවක් පැනවීමට සැලසුම් කර තිබේ.

ඊට අදාළව සෑම පෞද්ගලික රෝහලක ම සැත්කම් සඳහා අය කරන මිල ගණන් පරික්ෂා කෙරෙන අතර එම වාර්තා ලබා ගැනීමෙන් පසුව මිල ගණන් සීමා කෙරෙනු ඇත.

ඒ අනුව ඉදිරි මාස 06 තුළ පෞද්ගලික රෝහල්වල සිදු කරන එකම වර්ගයේ සැත්කම් සඳහා එකම මිලක් අය කළ හැකි වන පරිදි නීති සකස් කිරීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top