Pasidol
Sathosa Ad Final Sinhala
Jan 14, 2018

ශ්‍රීලනිප බලකණු දෙකක් පොහොට්ටු වේදිකාවට (වීඩියෝ) Featured

සබරගමුව පළාත් හිටපු මහ ඇමති මහීපාල හේරත් මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් ඊයේ (13) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවට එක් විය.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නායකත්වය දරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කෑගල්ලේදී සංවිධානය කර තිබු ජනරැළියට එක්වූ මහීපාල හේරත් මහතා, වත්මන් යහපාලන ආණ්ඩුව ලක් ඉතිහාසයේ බිහිවූ දුෂිතම ආණ්ඩුව බවත් එය හැකි ඉක්මනින් ගෙදර යැවීම සදහා තමන් පොහොට්ටුව දිනවීමට කැපවන බවත් කියා සිටියේය.

මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් හැමෝටම වැඩක් කළ නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවද ඔහු එහිදී සඳහන් කළේය.

මහීපාල හේරත් මහතා රැස්වීම වේදිකාවට ගොඩවෙද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඔහුව උණුසුම් ආකාරයෙන් පිළිගනු ලැබිය.

ඔහු මේ දක්වා සහාය ලබා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටය.

MR pelmadulla 1

එසේම, රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඊයේ දිනයේ පැල්මඩුල්ලේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනරැළියකදී එම වේදිකාවට එක්විය.

ප්‍රේමලාල් ජයසේකර මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම නියමිත බව මිට ඉහතදී මාධ්‍ය වාර්තාකර තිබිණ.

වීඩියෝ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top