Pasidol
Sathosa Ad Final Sinhala
Jan 14, 2018

රාජපක්ෂ කළ සෙල්ලම්වලින් නඩු වැටුණ 05 මෙන්න !

රාජපක්ෂ සමයේ සිදුවු බරපතල දූෂණ හා රාජ්‍ය සම්පත් අව භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාට භාරදී ඇති වාර්තාවලින් නිතීමය ක්‍රියාමාර්ග ගැනීමට නීතීපති දෙපාර්තමේන්තුවට භාර දී ඇත්තේ ලිපිගොනු 05ක් පමණක් බව වාර්තා වේ.

එසේ පරික්ෂණ අවසන් කර භාරදුන් විමර්ශන වාර්තා 29ක් ගැන මෙතෙක් කිසිවකුගේ අවධානය යොමුව නොමැති බව පැවසේ.


මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති විමර්ශන වාර්තා 05 මෙසේය.

මීගමුව කලපුව සංවර්ධනය කිරීම වෙනුවෙන් වූ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු පිරිසකට එල්ලව ඇති චෝදනාව සම්බන්ධ විමර්ශනය.

මහියංගනය ප්‍රාදේශීය සභාවේ කඩ කාමර බෙදාදීමේදී ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකිරීම සහ මුදල් ලබා ගැනීමකට ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍ය අනුර විදානගමගේ ඇතුළු පිරිසකට එල්ලව ඇති චෝදනා සම්බන්ධ විමර්ශනය.

ස්වාධීන රූපවාහිනී සේවයේ සාමාන්‍යධිකාරී විසින් සිදුකර ඇති මූල්‍යමය අක්‍රමිකතාවකට එහි හිටපු සභාපති අනුර සිරිවර්ධන මහතා ඇතුළු තවත් පස්දෙනෙකුට එල්ලව ඇති චෝදනා සම්බන්ධ විමර්ශනය.

‘රක්නා ආරක්ෂක ලංකා’ පෞද්ගලික සමාගමේ දූෂණ ක්‍රියා සම්බන්ධ විමර්ශනයේදී හිටපු අධ්‍යක්ෂ මේජර් ජනරාල් කේ.බී.එගොඩවෙල ඇතුළු පිරිසකට එල්ලව ඇති චෝදනා සම්බන්ධ විමර්ශනය.

හලාවත වැවිලි සමාගමේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ වංචා සම්බන්ධ විමර්ශනයේදී හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා ඇතුළු තවත් නවදෙනෙකුට චෝදනා එල්වී ඇති විමර්ශනය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top