Sathosa

Jan 16, 2018

''අපේ ප්‍රතිවාදීන් නොසන්සුන් වෙලා'' - ජනපති කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට යාමත් සමග ප්‍රතිවාදීන් නොසන්සුන් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒකාබද්ධයේ හා එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එබව සඳහන් කලේ, ඊයේ පස්වරුවේ ශ්‍රීලනිප මුලස්ථානයේ පැවති ශ්‍රීලනිප ආසන සංවිධායකයින්ගේ රැස්වීමේදීය.

මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින් අනුරාධපුරයේ පැවති රැළිය හා හම්බන්තොට පැවති රැළිය අති සාර්ථක බව පැවසු ජනාධිපතිවරයා, අගලවත්තේ පැවති රැලියට මහ වැසි නොතකා දහස් ගණන් ජනයා රැස්ව සිටි ආකාරය සිහිපත් කළේය.

තමාගේ සියලුම රාජකාරි අවලංගුකර මැතිවරණ ව්‍යාපාරයට එක්වන බව පැවසු ජනාධිපතිවරයා, ඇතැම් ආසන සංවිධායකයින්ගේ කම්මැලි කම් හා දුර්වලතා දැඩි ලෙස විවේචනය කළේය.

සෑම ආසන සංවිධායකවරයකුම දිනකට අවම වශයෙන් පැය 5ක් තම ආසනයේ මැතිවරණ ව්‍යාපාරයට සක්‍රියව සහභාගිවිය යුතු බවත් ජනතාව අතරට යායුතු බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියේය.

ඒකාබද්ධයේ රැස්වීමක් මහින්දගේ නිවසේ

MR at home meeting

 ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පක්ෂ නායකයන්ට සහ ප්‍රධාන වගකීම් උසුලන මන්ත්‍රීවරුන්ට ආරාධනා

මේ අතර වර්තමාන දේශපාලන කරුණු කිහිපයක් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(16දා) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිලනිවසේදී පැවැත්වෙන මෙම රැස්වීමේදී මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රගතිය, ජනපතිධූරය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව, ඉදිරි කාලය තුළදී ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය සැලසුම් කළයුතු ආකාරය ඇතුළු කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කරන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

මීට අමතරව බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව ජනාධිපතිවරයා අනුගමනය කළ ක්‍රියාමාර්ග, පසුගියදා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගේ හැසීරීම සහකථානායකවරයා ක්‍රියාකළ අන්දම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

අද සවස් කාලයේ පැවැත්වීමට නියමිත මෙම රැස්වීමට සහභාගි වන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පක්ෂ නායකයන්ට සහ ප්‍රධාන වගකීම් උසුලන මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top