Jan 16, 2018

වසර තුනට කෝටි 3400 ක මත්ද්‍රව්‍ය අල්ලයි

ගෙවී ගිය වසර තුන තුළ රුපියල් කෝටි තුන්දහස් හාරසියයක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙන බව නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පෙන්වාදෙයි.

මහා පරිමාණ සුළු පරිමාණ සහ වෙනත් විවිධ වර්ගවල මත්ද්‍රව්‍ය ඊට ඇතුළත් වෙන අතර ඒ සම්බන්ධව අත්අඩංගුවට ගන්නා ලද දෙස් විදෙස් සැකකරුවන්ගේ සංඛ්‍යාව තුන් දහස ඉක්මවා ගොස් තිබේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි එම මත්ද්‍රව්‍යවල වටිනාකම පොලිස් දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂයෙන් අඩකටත් වඩා වැඩිය.

ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය සමග සම්බන්ධවී මෙරට සිදු කෙරෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන් කඩා විනාශ කළ යුතු බවට රජය දැඩි තින්දුවක සිටින බවද හෙතෙම අවධාරණය කළේය.

තවද ඒ සඳහා ගත හැකි සෑම පියවරක්ම ගැනීමට රජය කටයුතු කර ඇති අතර ආරක්ෂක අංශ, බුද්ධි අංශ, සමග අන්තරායකර ඖෂධක පාලක ජාතික මණ්ඩලය, රේගුව. සුරාබදු දෙපාර්තමේන්තුව , නීතිපති දෙපාර්තමේන්තුව ,රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, දුම්කොළ සහ දුම්වැටි විරෝධි අධිකාරිය ,මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බළකාය යන සෑම අංශඨක්ම එකට එකතු වී ජාත්‍යන්තර රටවල ආරක්ෂක අංශ සහ බුද්ධි අංශද මත්ද්‍රව්‍ය විරෝධි සංවිධානද එකතු කර ගැනීමට රපය කටයුතු කර තිබේ.

මෙම ආයතන එකට එකතු වුවහොත් මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන් අඩපණ කළ හැකි වන බව පවසන අමාත්‍යවරයා මේ වන විට ජාත්‍යන්තර සංවිධාන රැසක සහභාගිත්වය ඇතිව බුද්ධි අංශ සහ ඔත්තු සේවා ශක්තිමත් කරමින් මත්කුඩු ජාවාරම්කරවන්ගේ ජාලය අඩපණ කිරීම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කෙරෙන බවද හෙළිදරව් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top