Pasidol
Sathosa Ad Final Sinhala
Jan 16, 2018

ඉන්දියාවේ නම් තිරේ - ලංකාවෙ නම් යාපනේ

ඉන්දියානු දමිළ චිත්‍රපට ආභාෂයට ගනිමින් යාපනය ඇතැම් තරුණ පිරිස් පහරදීම් සිදුකරන බව පොලීසිය පවසයි.

ඊයේ (15) දිනයේදී යාපනය - මනිපායි ප්‍රදේශයේ ස්ථාන දෙකක පුද්ගලයන් දෙදෙනෙකු කඩු පහරවලට ලක්වී තිබුණි.

ඉන් එක් අයෙක් මනිපායි ආනෙයිකෝට්ටේ - වරාගි අම්මාන් කෝවිල ආසන්නයේදී 49 හැවිරිදි පුද්ගලයෙකු කඩු පහරට ලක්වී ඇති අතර, යතුරුපැදිවලින් පැමිණි 4 දෙනෙකු එම ප්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇත.

මේ අතර, මනිපායි ප්‍රදේශයේම වෙනත් ස්ථානයකදී යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයන් පිරිසක් 24 හැවිරිදි තරුණයෙකුට ද කඩු ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම සිද්ධීන් දෙකේ දී තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම පහරදීම් සිදුකර ඇත්තේ කවුද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර මීට පෙර ද යාපනය ප්‍රදේශයෙන් තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තා විය.

පොලිසිය සඳහන් කළේ මෙම පහරදීම් සිදුකර ඇත්තේ පසුගියදා යාපනය ප්‍රදේශයෙන් වාර්තා වූ ‘ආවා’ කල්ලියට අයත් පුද්ගලයින් නොවන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top