Pasidol
Sathosa Ad Final Sinhala
යල්පැනගිය නීති සංශෝධනයට කටයුතු කලේ, යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තීන්ට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලවයි. යල්පැනගිය නීති සංශෝධනයට කටයුතු කලේ, යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තීන්ට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලවයි.
Jan 17, 2018

'කාන්තාවන්ට කියා වෙනම නීති අවශ්‍ය නැහැ' -මංගල Featured

මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට හා මත්පැන් මිලදී ගැනීමට කාන්තාවන්ට පනවා තිබූ තහනම ඉවත් කළේ කාන්තාවන්ට කියා වෙනම නීතියක් පනවා තිබීම සාධාරණ නොවන නිසා බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඔහු එබව සඳහන් කර ඈත්තේ, මත්පැන් අලෙවිසැල්වල කාන්තාවන් සේවය කිරීම සහ කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීමේ නීති රීති අහෝසි කරමින් ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඊයේ (16) පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරුන් දෙදෙනෙකු එල්ලකළ දැඩි වාග් ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමිනි.

දොස්තර රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන් දෙදෙනා මෙම නීතිරීති ළිහිල් කිරීමට එසේ තදින් විරෝධය පළකර ඇත.

මත්පැන් අලෙවිසැල්වල කාන්තාවන් සේවය කිරීම සහ කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීම සම්බන්ධයෙන් පැවති යල්පැනගිය නීති සංශෝධනයට තමා කටයුතු කලේ, යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තීන්ට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව බවත් , බීමත්කම ප්‍රවර්ධනය කිරීම තමාගේ අරමුණ නොවූ බවත් මංගල සමරවීර මහතා ඊට ප්‍රතිචාර දක්වමින් වැඩිදුරටත් පවසා තිබේ.

කැබිනට් අනුමැතිය :

කෙසේවුවද, මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට හා මත්පැන් අලෙවිසැල් විවෘතව තබන වේලාව දීර්ඝ කිරීමට නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ද කැබිනට් මණ්ඩලය ඊයේ (16) තීරණය කළේය.

මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද ඉකුත්දා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අගලවත්තේ පැවති ශ්‍රීලනිප ප්‍රචාරක රැලියකදී විරෝධය පළ කළේය.

අද ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සමග ඉතා පැහැදිලි පාලනයක් රට තුළ ඇතිවී තිබෙන බව එම රැලියේදී පැවසු ජනාධිපතිවරයා, එම නිදහස භුක්තිවිදීම මනුෂ්‍යත්වය තුළ සිදුවිය යුතු බවත් ඇතැම් අය එම නිදහස අහිමි කිරීමට අද මාර්ග සකසමින් සිටින බවත් කියා සිටියේය.

ආණ්ඩුව පරස්පර ස්ථාවරයක !

කෙසේවුවද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා "මානව අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2017-2021" ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබුනේ අද දරන ස්ථාවරයට මුළුමනින්ම පරස්පර ස්ථාවරයකි.

එම ප්‍රකාශයේ මුල් පිටුවේ ඔහුගේ පණිවිඩයේ මෙසේ සඳහන්විය.

"ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම සමාජයේ දුර්වලම කොටස්ද ඇතුලුව සියලු ශ්‍රී ලාංකිකයින්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂාවට හා ප්‍රවර්ධනයට රජය විසින් ගනු ලැබූ තවත් එක් සාධනීය පියවරක් බව මාගේ විශ්වාසයි. මෙම සැලැසුම සකස් කිරීමටත්, ඉදිරි පස් අවුරුද්ද තුළදී එය සාර්ථකව ක්‍රියාවට නැංවීමටත් සහය දැක්වූ හා දක්වන සියලු පාර්ශවයන්ට මාගේ ස්තූතිය පුදකර සිටිනවා."

එම ප්‍රකාශනයේ 3 වන පරිච්ඡේදයෙ පිටු 39 අංක 65 සිට දක්වා කාන්තා ප්‍රශ්ණ​ ඇතුලත්ව තිබේ.

" පුද්ගලික අංශයේ සේවා ස්ථාන ඇතුලුව සියලුම සේවා ස්ථානයන්හි ස්ත්‍රී පුරුෂ භාවය​, ජාතිය​, ලිංග භේද අනන්‍යතාවය ඇතුලුව තහනමට ලක්වන පදනම මත වෙනස් ලෙස නොසැලකීම සඳහා අයිතිය සහතික කිරීමට නීති පැනවීම​" එහි පැහැදිලිව සඳහන් වේ.

"රැකියාවන්ට ප්‍රවේශවීම ඇතුලුව කාන්තාවන්ගේ ආර්ථික හිමිකම් සහ නිදහස ප්‍රවර්ධනය කිරීම" සම්බන්ධයෙන් ද එහි පැහැදිලි විග්‍රහයක් ඇත.

(පිටු 44) සම්පූර්ණ සැලැස්ම මෙතනින්:

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top