Sathosa

දූෂණයට, වංචාවට එරෙහිව ජනතාවාදී ගමනක් යාමට ජනතාව සමග පාරට බැසීමට වුවද සූදානම් - ජනාධිපති දූෂණයට, වංචාවට එරෙහිව ජනතාවාදී ගමනක් යාමට ජනතාව සමග පාරට බැසීමට වුවද සූදානම් - ජනාධිපති
Jan 18, 2018

''ගෙදර යන්නේ දුෂිතයින්ට දඬුවම් දීලා'' ; ජනාධිපති යළි අවධාරණය කරයි Featured

 තමන් ජනාධිපති ධූරයෙන් නික්ම යන්නේ දූෂිත දේශපාලනඥයින්ට නිසිදඬුවම් ලබාදී බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.

ජනාධිපති ධුරයෙන් නික්ම යන්නේ කවදාදැයි ඇතැමුන් ප්‍රශ්න කළත් තමන් ජනාධිපති ධූරයෙන් නික්ම යන්නේ දූෂිත දේශපාලනඥයින්ට නිසි දඬුවම් ලබාදීමෙන් අනතුරුව බව ජනාධිපතිවරයා පැවසුයේ, අද (18) පස්වරුවේ කොස්ගම ප්‍රදේශයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රචාරක රැළියක් අමතමිනි.

දූෂණයට, වංචාවට එරෙහිව ජනතාවාදී ගමනක් යාමට ජනතාව සමග පාරට බැසීමට වුවද සූදානම් බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය.

මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව දේශපාලන බේදයකින් තොරව රටට ආදරය කරන සියලූ දේශපාලනඥයින් එක්කර ගනිමින් දුෂණ විරෝධී ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරන බව පැවසූ ජනාධිපතිවරයා, ඊට එක්වන ලෙස මේ රටේ සියලූ ආගමික නායකයින්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට මෙන්ම රටට ආදරය කරන සියලූ ජනතාවට ගෞරවයෙන් ආරාධනා කරන බව ද කියා සිටියේය.

රටත්, ජාතියත් වෙනුවෙන් ඉටුකළයුතු වැඩකොටස කිසිසේත් අතපසු කළ නොහැකි අතර එම ගමන සාර්ථකව ඉදිරියට යාමට ආදර්ශවත් දේශපාලනඥයින් පිරිසක් රට තුළ ගොඩනැගිය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

ආපසු හැරෙන්නැයි කියන්නේ ඇයි ?

2015 ජනවාරි 08 වනදා සිදුවූ වරද නිවැරදි කිරීමට ආපසු හැරෙන්නැයි හිටපු නායකයින් මේ රට් ජනතාවගෙන් කරන ඉල්ලීම පිළිබ`දව ද සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ ආපසු හැරෙන ලෙස ඔවුන් ඉල්ලන්නේ දුෂිත පාලනයක් මෙන්ම අතුරුදන්වීම්, මිනිස් ඝාතන, මාධ්‍යවේදින් මරා දැමීම සහ මාධ්‍ය ආයතන ගිනිගත් යුගයක් යළිත් මේ රටේ නිර්මාණය කිරීමට නොවේදැයි ප්‍රශ්න කළේය.

එමෙන්ම පැවති පාලනය සහ හිටපු නායකයින් ගැන ජාත්‍යන්තරයේ ඇති සහතික මැකී ගොස් නොමැති අතර යළිත් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව අසරණ කර රටේත් ජනතාවගේත් අනාගය අදුරු කරන ඔවුන්ගේ වැඩපිළිවෙළ සමග ආපසු හැරීමට මේ රටේ ජනතාව සූදානම් නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top