Jan 18, 2018

බැදුම්කර වාර්තාවෙන් කොටසක් 'මිසින්' ? කැෆේ චෝදනා කරයි

ජනාධිපති කාර්යාලය පාර්ලිමේන්තුව වෙත ලබා දී ඇත්තේ බැදුම්කර වාර්තාවෙන් කොටසක් පමණක් බව පවසන කැෆේ සංවිධානය, ඉතිරිය සැගවීමේ අවශ්‍යතාව කුමක්දැයි විමසයි.

ෆුට් නෝට් සටහන් පිළිබද විශේඥන ලියවිලි, රහස් පොලිස් පරීක්ෂණ වාර්තාව ඇතුළු වැදගත්ම ලේඛන සියල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට කටයුතු කරන්නැයි කැෆේ සංවිධානය කථානායකවරයට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි.

බැදුම්කර වාර්තාවට අදාළ වෙළුම් දෙකකින් යුතු ‘සලකුණු කළ ලේඛන‘ හා ‘සාක්ෂි සටහන්‘ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා යොමු කළ ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.

''එම වාර්තාවේ වැදගත්ම කොටසක් වන ‘කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වූ‘ සලකුණු කළ ලේඛන‘ සහ සාක්ෂි සටහන් මේ දක්වාම ගරු පාර්ලිමේන්තුව වෙත හෝ ඔබතුමන් වෙත හෝ ලැබි නොමැති බව මාගේ විශ්වාසය යි.‘‘

උදාහරණයක් ලෙස ‘සී 350‘ ලෙස සලකුණු කොට ඇති ලේඛනය මත පදනම් වූ නිරීක්ෂණ පිළිබද ප්‍ර‍ධාන වාර්තාවේ සදහන් වේ. නමුත්, එම ලේඛනය මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දී නැත.‘‘

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බැදුම්ක වංචාව හා එයට සම්බන්ධ පාර්ශව පිළිබද සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීම හා තාර්කික, දත්ත පාදක නිගමනයන්ට එලැඹීම උදෙසා මෙම අතිරේක ලේඛන පරිශීලනය අනිවාර්ය වූ අවශ්‍යතාවයකි.

එබැවින්, අදාළ සලකුණු කළ ලේඛන හා සාක්ෂි සටහන් අතුලත් වෙළුම කොටස් 2 ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදීම පිණිස ගරු කථානායකවරයාට මැදිහත්වන ලෙස තෙන්නකෝන් මහතා සිදු කළ ඉල්ලීමේ තවදුරටත් දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top