Jan 20, 2018

70 වේ ආදර කතාව අරුණ ගම්‍යා එක්ක කරන්න යයි !

වසර 1970 සත්‍ය ප්‍රේම කතාවක් "1970 Love Story” ලෙස චිත්‍රපටයකට නැගීමට සැලැසුම්කර තිබේ.

නිකිණි වැස්ස අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධන මේ සිනමා පටයේද අධ්‍යක්ෂවරයා වේ.

නිකිණා වැස්ස ද සත්‍ය කතාවක් ඇසුරින් නිෂ්පාදනය වූවකි.

එහි මුහුරත් උලෙළ පසුගියදා පිටකෝට්ටේ සෝලිස් හෝටලයේදී උත්සාවශ්‍රීයෙන් පැවැත්විණි.

ඊට විශේෂ ආරාධිත අමුත්තන් හා ප්‍රවීණ රංගන ශිල්පින් හා ශිල්පිනියන් රැසක්ද එක්ව සිටියහ.

70 දශකයේ ආදර කතාවට Star Entertainments & Events වෙනුවෙන් නිෂ්පාදනයෙන් දායක වන්නේ වෛද්‍ය සමන් එදිරිසිංහයි.

මෙහි තිර රචනය ද අරුණ ජයවර්ධන විසින් සිදුකර ඇති අතර කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය විසින් ද කලා අධ්‍යක්ෂණය සුනිල් ප්‍රේමරත්න විසින්ද වේෂ නිරූපණය සමරසිරි කඳනගේ විසින් ද සිදුකරනු ලබයි.

ලාංකීය සිනමාවෙන් බොලිවුඩ් සිනමාවට දායාද වූ තවත් රූමතියක් වන ගම්‍යා විජේදාස මේ සිනමා පටයේ ප්‍රධාන නිළියයි.

ඇය සමඟ එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ හේමාල් රණසිංහයි. මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, සරත් කොතලාවල, අෂාන් ඩයස්, සඳලි ප්‍රනාන්දු, නන්දන හෙට්ටිආරච්චි, දයා වයමන්, සමන් හේමරත්න, මධූ සේනාරත්න, දිනෙත් ද සිල්වා, ප්‍රාර්ථනා සේරසිංහ, සුනෙත් මැල්සිරිපුර, ලසන්ත උඩුකුඹුර, අසංග පෙරේරා ඇතුළු පිරිස චරිත නිරූපණය කරති.

26239082 350614468741089 7061900259455134963 n

26840943 350614495407753 3107777961005738776 o

26239409 350616152074254 4413428699383126926 n

26731463 350613855407817 272038161090776203 n

26733538 350616522074217 4231759350905369227 n

26756907 350618642074005 8229344759984534625 o

26757854 350614225407780 8131881607612006327 o

26758548 350614855407717 467141323945531063 o

26850206 350613608741175 4277959233198245669 o

26910643 350614522074417 5630226334206110795 o

26910796 350614592074410 752835940200789027 o

26992678 350616192074250 98395426606280057 n

27021135 350616382074231 6220311628530254276 o

26841035 2023606391251102 8212408635932299707 o

26841279 2023605477917860 6460058836865691012 o

26850751 2023605044584570 8990866554388964273 o

26850171 2023605907917817 7304551954615087973 o

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top