Jan 20, 2018

EMIS කෙඳිරියට හේතුව කොමිස් ගේමක් ?

රුපියල් හය කෝටි හතළිස්‌ ලක්‍ෂයකට අධික වියදමක්‌ දරමින් සකස්‌ කර ඇති අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (EMIS) නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අපහසු වී ඇතැයි විගණකාධිපති වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ ද සහාය ඇතිව 2011 වසරේදී මෙම දත්ත පද්ධතිය සකස්‌ කිරීම ආරම්භ කර ඇති අතර ඒ සඳහා වැය කර ඇත්තේ දැනුමැති සමාජයක්‌ සඳහා වූ අධ්‍යාපන ව්‍යාපෘතියේ අරමුදල් බවද පැවසේ.

පද්ධතිය සකස්‌ කිරීම වෙනුවෙන් 2012 වසරේදී රුපියල් නව ලක්‍ෂයක්‌ද 2013 වසරේදී රුපියල් එක්‌කෝටි තිස්‌ අට ලක්‍ෂයකට අධික මුදලක්‌ද මොරටුව විශ්වවිද්‍යාලයට පමණක්‌ ගෙවා ඇත.

මෙම ව්‍යාපෘතියේ තාක්‍ෂණික විශේෂඥයන් ලෙස කටයුතු කරන නිලධාරීන්ගේ අඩුපාඩු නිසා දත්ත පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top