Jan 20, 2018

LIFE TV ; ජාතික සෞඛ්‍ය රූපවාහිනී චැනලයක් !

ජනතාවගේ සෞඛ්‍ය ඉහල නැංවීම අරමුණින් ජාතික සෞඛ්‍ය රූපවාහිනී නාළිකාව අද(20) කොළඹ දී එළිදැක්වෙනු ඇත.

ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට හා සෞඛ්‍යමත් ජනතාවක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙයි.

බෝ නොවන රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, පවුල් සෞඛ්‍ය සම්බන්ධව පුළුල් දැනුමක් ලබාදීම, පෝෂණය, ක්‍රීඩාව හා ගෘහ ජීවිතය පිළිබඳව දැනුවත් කිරීම, ආදී වැඩසටහන් ක්‍රියාත්මක බව එම නාලිකාවේ ප්‍රධානියකු පැවසිය.

කොළඹ, තාජ් සමුද්‍රා හෝටලයේ දී මෙම රූපවාහිනී නාළිකාව එළි දැක්වීම සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top