Sathosa

Jan 20, 2018

"ඌව මහ ඇමතිව වහාම අත්අඩංගුවට ගන්න"

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් බදුල්ල දෙමළ බාලික විද්‍යාලයේ විදුහල්පතිනියට තර්ජනය කර අඩත්තේට්ටම් කිරීම සම්බන්ධ සිද්ධියට ඔහුව කාන්තා හිංසනය යටතේ වහාම අත්අඩංගුවට ගන්නැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලිං මහතා පොලිසියෙන් ඉල්ලා සිටී.

ඒ මහතා මේ ඉල්ලීම සිදුකරනු ලැබුවේ අද (20) කොළඹ ගුරු මැදුරේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එසේම විදුහල්පතිවරුන් ආරක්ෂා කළයුතු පළාත් අධ්‍යාපන ලේකම්වරිය මේ විදුහල්පතිනිය අසරණ කිරීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගතයුතු බවද ඔහු කියා සිටියේය.

රාජ්‍ය සේවයේ ඉහලම නිලධාරියා වන ජනාධිපති ලේකම්වරයා ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ගතයුතු ක්‍රියාමාර්ග ගන්නැයි ඔහු පැවසීය.

මානවහිමිකම් පරීක්ෂණයක්

සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම් සභාව පරික්ෂණක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අදාළ ගුරුවරියගෙන් මේ වන විටත් ප්‍රකාශයක් ලබා ගෙන ඇති බව එම කොමිසම සඳහන් කළේය.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදු කර වාර්තාවක් ලබාදිමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව සඳහන් කළේය.

ඌව පලාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ලිපියකට ළමයෙකු පාසලට ඇතුලත් කර ගැනිමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ මෙම විදුහල්පතිනියට තර්ජනය කර තිබේ.

පසුගිය ජනවාරි මස 02 වැනිදා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවස තුළදී තමන් ප්‍රධාන අමාත්‍යවරයාගේ තර්ජන හමුවේ දනගසා සමාව ගත් බව මෙම විදුහල්පතිනිය ඊයේ (19) දිනයේ අනාවරණය කළේය.

කෙසේවෙතත් මීට පෙර මෙම විදුහල්පතිනිය ප්‍රකාශ කර තිබුණේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ තමාට එවැනි තර්ජනයක් එල්ල නොවූ බවයි.

අදාළ ප්‍රකාශය සිදු කරනු ලැබුවේ ද තමාට එල්ල වූ තර්ජන හමුවේ බව ද විදුහල්පතිනිය ඊයේ දිනයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top