Jan 21, 2018

'බැඳුම්කර වගඋත්තරකරුවන්ට දැඩි දඬුවම්' - ජනපති

බැඳුම්කර වාර්තාවෙන් වගඋත්තරකරුවන් වී සිටින කිසිඳු අයකුට නිදහසේ කටයුතු කිරීමට ඉඩක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.

එම වගඋත්තරකරුවන් සියලු දෙනාට දඬුවම් දෙන බවටද හෙතෙම කියා සිටියි.

ජනාධිපතිවරයා එබව සඳහන් කර සිටියේ, කන්තලේ නගරයේ අද (21) පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

'බිලියන 2000 ක අලාභයක්' !

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ, ආන්දෝලනාත්මක බැදුම්කර ගනුදෙනුව හේතුවෙන් පසුගිය වසර තුන තුළ රටට රුපියල් බිලියන 2000ක අලාභයක් සිදුවී ඇති බවයි.

එම පක්ෂ කාර්යාලයේ අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top