Sathosa

'ජනාධිපතිතුමා, අප වෙත එල්ලවී තිබුන බැඳුම්කර චෝදනා වලින් අපව නිදොස්කොට නිදහස් කළා' - එජාප උප නායක 'ජනාධිපතිතුමා, අප වෙත එල්ලවී තිබුන බැඳුම්කර චෝදනා වලින් අපව නිදොස්කොට නිදහස් කළා' - එජාප උප නායක
Jan 25, 2018

''ජනපතිට ස්තුතියි ; එජාපය ‘ක්ලීන්' බව තහවුරු කළා'' - රවී කියයි Featured

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මහබැංකු බැඳුම්කර ගනුදෙනු වලදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි එල්ලවූ චෝදනා පිලිබඳ සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරමින් එහි අවසන් වාර්තාව හරහා එක්සත් ජාතික පක්ෂයට එල්ලවූ චෝදනා වලින් නිදොස්කොට නිදහස් කළ, අගමැතිවරයාට එල්ලවූ චෝදනා වලින් එතුමාව නිදොස්කළ, විශේෂයෙන් මා වෙත එල්ලවූ චෝදනා වලින් සහමුලින්ම නිදොස් කල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත තමාගේ ගෞරවනීය ස්තුතිය පුද කරන බව එජාප උප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

රවී කරුණානායක මහතා විසින් මාධ්‍යවෙත ලබාදුන් ප්‍රකාශයක එබව සඳහන් වේ.

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක්‌ සිදුකිරීමට හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් ඊයේ (24 දා) කළ ඉල්ලීම කථානායක කරු ජයසූරිය මහතා විසින් ප්‍රතික්‌ෂේප කළ අතර අනතුරුව මන්ත්‍රීවරයා තමා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට ගිය ප්‍රකාශය ලිඛිතව මාධ්‍ය වෙත නිකුත්කර තිබිණ.

10 වනදා බලාගමු !

බැඳුම්කර කොමිසම් වාර්තාවේ නිර්දේශවල කිසිඳු තැනක සඳහන් නොතිබුන දෙයක් ජනාධිපතිවරයා ලවා කියවමින්, තමා වෙතත් පොදුවේ එක්සත් ජාතික පක්ෂයත් ඉලක්ක කර ගනිමින් මැතිවරණ සමයේ සිදුකරණු ලැබූ කුමන්ත්‍රණය නිසා එක්සත් ජාතික පක්ෂයට බලවත් අගතියක් සිදුව තිබෙන බව පවසන රවී කරුණානායක මහතා, පෙබරවාරි 10 වනදා 2015 ජනවාරි 08 බලවේගයේ සියළු ක්‍රියාකාරීන් ඊට නිසි පිළිතුරු දෙමින් එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කරනු නියත බව ද සිය ප්‍රකාශය මගින් අවධාරණය කර තිබේ.

ජනපති, පක්ෂ නායකයින් දැනුවත් කිරීමට සූදානම්

මේ අතර බැදුම්කර වාර්තාව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායකයින් හමුවී පැහැදිලි කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා කතානායක කරු ජයසුරිය මහතාට දැනුම්දී තිබේ.

පාර්ලිමේන්තුවට ලබාදුන් බැදුම්කර ගණුදෙනුව පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටු සංඛ්‍යාව අඩුවී ඇති බවට පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේදී පැවසුහ.

මේ සම්බන්ධයෙන් කතානායක කරු ජයසුරිය මහතා ජනාධිපති ලේකම්වරයාගෙන් විමසා ඇත.

ඒ අවස්ථාවේදී ජනාධිපති ලේකම්වරයා පවසා ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පක්ෂ නායකයිටන් ඒ පිළිබඳව පැහැදිලිකිරීමට සුදානම් බවය.

එමෙන්ම මෙම වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දිනයට ප්‍රථම වාර්තාවේ සියළු කොටස් ලබාදීමට හැකිවනු ඇතැයිදි මෙහිදි සාකච්ඡා වී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top