Jan 25, 2018

JITF ප්‍රදර්ශනය වර්ජනය කරන්නැයි සෂිදරන් ඉල්ලලා Featured

හෙට (26) යාපනයේදී ආරම්භවීමට නියමිත ජැෆ්නා ඉන්ටර් නැෂනල් ට්‍රේඩ්ෆෙයාර් ((Jaffna International Trade Fair) වෙළෙඳ ප්‍රදර්ශනය උතුරු පළාත් සභාව විසින් වර්ජනය කළ යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ කාන්තා කටයුතු අමාත්‍ය ආනන්දි සෂිදරන් මහත්මිය කියයි.

ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියාය.

අදාළ වෙළෙඳ ප්‍රදර්ශනය හුදෙක්ම කොළඹ පිහිටි සමාගම්වල වුවමනාව හා අපේක්ෂාව මත පමණක් සිදු කරන ප්‍රදර්ශනයක් බවත්, ඉන් සිදුවන්නේ එම සමාගම් විසින් උතුරේ ජනතාවගේ මුදල් සූරාගෙන කෑමක් බවත් අමාත්‍යවරිය පැවසීය.

මේ වෙළෙඳ ප්‍රදර්ශනයේ මූලික සාකච්ඡා පවා පවත්වා ඇත්තේ කොළඹදී බවද ඇය එහිදී හෙළිකළාය.

යාපනයේ පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශනයට වැඩි වශයෙන්ම සහභාගී වන්නේ ඉන්දියාවේ බහුජාතික සමාගම් බවත්, ඉන්දියාවට උතුරු නැගෙනහිර දෙමළ ප්‍රශ්නය විසදීමට කිසිඳු උවමනාවක් හෝ උන්නදුවක් නොමැති පරිසරයක් තුළ උතුරු පළාත් සභාව ප්‍රදර්ශනයට සහය දීමේ අවශ්‍යතාවයක් නොමැති බවද සෂිදරන් මහත්මිය සදහන් කළාය.

එබැවින් යාපනයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය වර්ජනය කරන මෙන් තමන් උතුරු පළාත් සභාවට ඉල්ලීම් කළ බවද අමාත්‍යවරය පැවසුවාය.

යාපනයේ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය ජනවාරි මස 26, 27 හා 28 යන දිනවලදී යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන්නේ ලංකා එක්සිබිෂන් ඇන්ඩ් කන්ෆරන්ස් සර්විසර්ස් පුද්ගලික සමාගම ( Lanka Exhibition & Conference Services Pvt. Ltd.) විසිනි.

මාධව කුලසූරිය - යාපනය වාර්තාකරු

25394931 1523610464390644 5158932754898863690 o 1

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top