ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26 දා) ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවූ අවස්ථාවේදීය.
පසුගිය අවුරුදු තුනේදී රට අයහපත් වූ නිසා ආර්ථිකය ඔබේ අතට ගන්නා බව ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග කවරේදැයි මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට ජනපතිවරයා පිළිතුරු දුන්නේ මෙසේය.
'' ආර්ථිකය කඩා වැටී ඇති බව මා කීවේ නෑ. නමුත් පසුගිය අවුරුදු තුන තුළදී රජයට ලැබිය යුතු ආදායම් මාර්ග අහිමි වෙලා තියෙනවා. මා කලින් සඳහන් කළ ආකාරයට රජය භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල් ඉතා සුක්ෂම ලෙස පෞද්ගලික අංශයේ කිහිපදෙනකුට යන ආකාරයට කටයුතු සිදුවෙලා තියෙනවා.
නමුත් 2015 දී මා රට භාරගන්නා විට තිබූ තත්ත්වයට වඩා දැන් රට යහපත් තත්ත්වයකයි පවතින්නේ. බරපතළ කඩා වැටීමක් තිබුණා. යුරෝපා වෙළෙඳපොළ අපිට ආර්ථික වශයෙන් සම්භාධක පනවමින් තිබුණා. නමුත් මේ වනවිට අපිට එම තත්ත්වය වෙනස් කර ගැනීමට හැකිව තිබෙනවා.''