Jan 29, 2018

ජනපති පක්ෂ නායකයින් කැඳවයි

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායක හමුවක් කැඳවා ඇත.

අද (29දා) ජනපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බව ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පක්ෂ නායකවරුන්ට ලිපි මගින් දන්වා ඇත.

පාර්ලිමේන්තුවට ලබාදුන් බැඳුම්කර වාර්තාවේ පිටු අඩු බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කිරීම හේතුවෙන් ඒ පිළිබඳවත්, බැඳුම්කර පාර්ලිමේන්තු විවාදය පිළිබඳවත් සාකච්ඡා කිරීමට ජනපතිවරයා මෙම හමුව කැඳවා ඇත.

ඊට අමතරව බරපතල වංචා පිළිබඳ ජනපති කොමිසන් වාර්තාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

පක්ෂ නායකයින්ට පැමිණිය නොහැකිනම් ඒ වෙනුවට නියෝජිතයෙකුටද සහභාගිවිය හැකි බව ජනපතිවරයා ලේකම්වරයා යොමුකළ ලිපියේ සඳහන්ව ඇති බව වාර්තාවෙයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top