Jan 29, 2018

JDS සිංහල වෙබ් අඩවියත් යළි වැඩ!

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මාස කිහිපයක් පුරාවට අක්‍රීයව පැවති සිය වෙබ් අඩවියේ සිංහල පිටුව යථා තත්ත්වයට පත් කල බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානය පවසයි.

මේ අනුව jdslanka.org/s වෙබ් පිටුවට අද (29) සිට කිසිඳු අවහිරයකින් තොරව පිවිසිය හැකි බව එම සංවිධානයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම වෙබ්අඩවියේ ඉංග්‍රීසි පිටුව ජනවාරි 01දා සිට යථා තත්ත්වයට පත්කර තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top