එම සටහන අතිශය සංවේදී එකක්. තව කිසිවක් නොකියමි. බලන්න ඒ සටහන.
'වම් ඉවුරේ සිනමාකරුවෝ විදියට සිරිල් බී. පෙරේරා ඇතුළු විචාරකයින් පතීවත්, වසන්තවත්, මාවත් නම් කළා. වසන්තත්, පතීත් දැන් නෑ. වම් ඉවුරෙන් ඒ දෙන්නා බැහැල ගියේ ආයේ එන්න නෙමේ. මම විතරක් ඒකේ හිටගෙන ඉඳලා දැන් ඇති වැඩකුත් නැහැ. මමත් බැහැලා යන්න ඕනෑ. බැහැලා යන්න කලින් ඔබෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමැතියි.
ඔබට මතකද 1983 තිරගතවුණු මගේ "තුන්වැනි යාමයේ චිත්රපටය' මේ චිත්රපටය තව මාසයක් යනකම් විතරයි. මට බේරාගන්න ඉඩක් තියෙන්නේ. චිත්රපටය සහමුලින්ම විනාශයට පත්වෙලා. බේරා ගන්න හිතාගෙන මදුරාසියේ ප්රසාද් ලැබ් එකට යෑව්වා ටෙස්ට් එකකට. මේ සමඟ තියෙන්නේ මගේ 'තුන්වැනි යාමය' බේරා ගන්න ප්රසාද් ලැබ් එක චිත්රපට සංස්ථාවට එවපු ලිපියෙ පිටපතක්.
(චිත්රපට සංස්ථා සභාපතිවරයා අමතා ඉංග්රීසි භාෂාවෙන් එවූ ලිපියේ පිටපත ද එහි ඇතුළත්කර තිබිණි.)
චිත්රපටය හැදුවේ මම තනියම. මේක බේරාගෙන සිංහල සිනමා ඉතිහාසය රඳවන්න මට ඩොලර් 16343 ක් කවුද දෙන්නේ? පුලුවන් පිංවතෙක් ඉන්නව නම් මට උදව්වක් කරන්න චිත්රපටයක් හදන්න නෙවෙයි හදපු චිත්රපටය රැක ගන්න. ඔබට මේ චිත්රපටයෙ අයිතිය ලියලා දෙන්නම්.''
- ධර්මසිරි බණ්ඩාරනායක නිෂ්පාදක අධ්යක්ෂ තුන්වෙනි යාමය.
අප වෙනුවෙන් අපගේ අනාගතය වෙනුවෙන් :
ධර්මසිරිගේ මේ ප්රකාශයට බොහෝ දෙනා මුහුණු පොතේ අදහස් ප්රකාශ කර තිබුණා. "මේ මුදල කෙසේ හෝ එකතු කර ගනිමු." යන්න මේ සියලුම අදහස්වල පොදු සාධකයක් වී තිබුණා.
වැඩි යමක් නොපවසමි. සිතන්න. තුන්වෙනි යාමය රැකගනිමු. ඒ ධර්මසිරි වෙනුවෙන් නොව අප වෙනුවෙනි. අපගේ අනාගතය වෙනුවෙනි.
සබැඳි පුවත් :
ඩොලර් 16,343 නොලැබුනොත් 'තුන්වෙනි යාමය' විනාශයි !